ජනපති රනිල් ජපානය බලා පිටත් වෙයි…

ජනපති රනිල් ජපානය බලා පිටත් වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. අද (26SEP) අලුයම 12.50 පමණ කටුනායක ගුවන්තොටුපොළින් රනිල් වික්‍රමසින්හ ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලා. ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහ පිලිපීනයේ පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමට සහභාගී වීම සඳහා එම සංචාර සිදුකරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලා. ඒ අනුව ජනාධිපතිවරයා ජපාන හිටපු අග්‍රාමාත්‍යවරයාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව ජපානයේ අග්‍රාමාත්‍යවරයා සහා දේශපාලනය ප්‍රබලයන් සමග ද ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ. ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීම සඳහා රනිල් වික්‍රමසිංහ ලබන 28 වැනිදා පිලිපීනය බලා පිටත්ව යන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. එම සංචාරය අතරතුර ජනාධිපතිවරයා පිලීපින ජනාධිපතිවරයා සමග මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සඳහන්ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාර නිම කර ලබන 30 වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top