ගෙවල් ගිනිගත් මන්ත්‍රීවරුන් 76 දෙනෙක්ට ආණ්ඩුවෙන් නිවාස

download 4

මැයි 9 වනදා ගිනි තැබීම් හේතුවෙන් නිවාස සහ දේපල හානි වූ මන්ත්‍රීවරුන් 76 දෙනෙකුට කුලී පදනම මත වසරක කාලයක් සඳහා නිවාස ලබාදීමට තීරණය කර තිබෙනවා.

නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ මේ අනුව මන්ත්‍රීවරුන් 76 දෙනෙක්ට කලල්ගොඩ, වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ලැබෙන බවයි.

මැයි මස 9 වන අරගලය දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස ඇතුළු දේපළවල සිදුවූ අලාභය සම්බන්ධ තක්සේරු වාර්තාව පසුගිය දා නිකුත් වුණා.

එම වාර්තාවට අනුව දේපළවල අලාභය රුපියල් හැත්තෑ හත් කෝටි හැටපන් ලක්ෂ හැට හත්දහසක් බවයි රජයේ තක්සේරු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

ගල්කිස්ස සහ නුගේගොඩ පොලිස් කොට්ඨාසවල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාසවල අලාභ හානි වාර්තාවයි මෙලෙස නිකුත්ව ඇත්තේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ, ජයන්ත කැටගොඩ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, බන්දුල ගුණවර්ධන, ජගත් කුමාර, සීතා අරඹේපොළ, රෝහිත අබේගුණවර්ධන යන අයගේ නිවාස සහ දේපළවලට මෙලෙස අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ නිවාස 4ක් සහ නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ නිවාස 9ක් ඇතුළු දේපළවලට එම අලාභය සිදුව ඇති බව වාර්තා වනවා.

මේ අතුරින් වැඩිම අලාභය පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතාගේ දේපළවලට වන අතර එය රුපියල් කෝටි 46ක් බවයි සඳහන් වන්නේ.

දෙවන වැඩිම අලාභය ලෙස ගණන් බලා ඇත්තේ සීතා අරඹේපොළ මහත්මියගේ තලංගම නිවස ඇතුළු දේපළවලට වන අතර එය දාහතර කෝටි හාරලක්ෂ අසු හය දහසකි.

කෙසේ වෙතත් මේ දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාගේ නිවස සහ දේපළවලට සිදුවූ අලාභය මෙතෙක් ගණන් බලා නොමැති බවයි වාර්තා වන්නේ.

එම මන්ත්‍රීවරුන්ගේ ඉදිරිපත් කර තිබූ තක්සේරු වාර්තාවල මෙම මුදලට වඩා දෙතුන් ගුණයක් සඳහන්ව ඇති බව වැඩිදුරටත් ආරංචි මාර්ග සඳහන් වනවා.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top