ගුරු සංගම් නෑවත වැටුප් වැඩිකරන්නැයි ඉල්ලයි

ගුරු සංගම් නෑවත වැටුප් වැඩිකරන්නැයි ඉල්ලයි

පවතින ආර්ථික අර්බුදය හමුවේ ගුරු සංගම් නෑවත වැටුප් වැඩිකරන්නැයි ඉල්ලයි. වැටුප් වැඩිවීමක් හෝ දීමනාවක් ලබාදීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා ගුරු සංගමය පවසයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ රජය ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි. ජෝසප් ස්ටාලින් මහතා මෙම අදහස් පළ කළේ ගුරු විදුහල්පති අයිතීන් දිනාගත් නියෝජිතයින්ගේ සමුළුවට එක්වෙමින්.

“රජයේ ආර්ථික ප්‍රතිපත්තියෙන් රට සම්පූර්ණයෙන්ම බංකොලොත් වෙලා.අද මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැහැ. ජනතාවගෙන් 247,000 ක කොටසක් ගුරුවරුන්. මේ නිසා වැටුප් වැඩි කිරීමට හෝ දීමනාවක් ලබා ගැනීමට පැහැදිලි තීරණයක් ගැනීමට අපි තීරණය කළා. මේ වනවිට ගුරුවරුන්ට පාසලට එන්න විදියක් නෑ. ඔවුන්ට බරපතල ගමන් වියදම් දැරීමට සිදුවී තිබෙනවා. අපි මේ ගැන රජයට දැනුම් දීලා තියෙනවා.”

ගුරු සංගම් නෑවත වැටුප් වැඩිකරන්නැයි ඉල්ලයි 1 2
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top