ඔයාට රහසින් කැමති කෙනෙකු හඳුනාගන්න පුළුවන් අපූරු ක්‍රම

fdhfh

අපට කෙනෙකුට අදහසක් ලබාදිය හැක්කේ වචන වලින් පමණක් නොවේ.අපගේ අංග චලන වලින් සහ හැසිරෙන ආකාරයෙන් තවත්  කෙනෙකුට අපගේ සිතුම් පැතුම් පිළිබඳ  අදහසක් ලබා දිය හැකිය. මේ ගෑනු ළමයා මට කැමතිද, එසේත් නොමැති නම් මේ පිරිමි ළමයා මට කැමතිද වැනි ප්‍රශ්න වලට ඔබ ජීවිතයේ එක් වරක් හෝ මූණ දී ඇත .මේ ප්‍රශ්නය විසඳාගත හැකි ආකාර පිළිබඳ පහත දැක්වේ .කෙනෙක් ඔබ පිළිබඳ ව කැමැත්තෙන් පසු වෙනවා නම් ඒ පිළිබඳව වටහා ගැනීමට පහසු වෙන ක්‍රම  කිහිපයක් පහතින් වේ .

01) තමන්ගේ කම්මුල් රතු වීම

png clipart rose blackpink woman holding her face

ඇතැම් වෙලාවට ඔබ පුද්ගලයෙක් සමඟ  කතාබහ කරමින් සිටින විටදී අපට විවිධ අවස්ථා වලට මුහුණ දීමට සිදුවේ.ඔබගේ කන් දෙක හෝ කම්මුල් රතු වීම එවැනි අවස්ථාවක් වේ.කිසිදු වෙනත් හේතුවක් නොමැතිව මට මේ දේ සිදුවනවා නම් ඔබ ඒ ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වේ.ඔබට එම අවස්ථාවේ දැනෙනුයේ මිනිසුන් පිරුණු ස්ථානයකට නිරුවත්ව ඇතුළු වූවා වැනි හැඟීමකි .නමුත් එයට හේතුව එක තුළ තිබෙන අනවශ්‍ය ලැජ්ජාව හෝ අසනීප ගතියක් නොවේ. ඒ සඳහා හේතුව වන්නේ ඒ වෙලාවේ ඔබ අවට සිටින කෙනෙකු ඔබ පිළිබඳ කැමැත්තෙන් පසු වීමයි.උදාහරණයක් ලෙස ඔබ යහළුවන්  පිරිසක් සමග කතා  කරමින් සිටින අවස්ථාවක් මතකයට ගන්න.එක්වරම යම් පුද්ගලයකු ඔබ පිළිබඳ සඳහන් කරන විට  එහි ඔබගේ නමක් අන්තර්ගත නොවූවද ඔබගේ කම්මුල් රත් පැහැ වීමට  පුළුවන්ය.එයට හේතුව වන්නේ ඔබටත් වඩා හොදින් ඔබගේ මොළයට යම් යම් දේවල් තේරුම් ගැනීමට හැකි වීමයි .අයෙකුගේ කතාබහේ හෝ එසේත් නොමැති නම් කතා කරන ආකාරයෙන් සියුම් වෙනස්කම් පවා  නිරීක්ෂණය කිරීමේ හැකියාවක් අපගේ මොලයට ඇත .මේ ආකාරය වෙනස්කම් ඇතිවන විට රුධිර ගමනාගමනය වේගවත් වේ.එවිට මුහුණට සහ කම්මුලට වැඩි වශයෙන් රුධිරය ගමන් කිරීම සිදුවේ .මේ ආකාරයට නිතරම කෙනෙක් සමග කතා බහ කරන විට ඔබගේ මුහුණ ආශ්‍රිත ප්‍රදේශය රතු වනවා නම් වහාම ඔබ අවට සිටින පිළිබද අවධානය යොමු කිරීමට අමතක නොකරන්න .මන්දයත් ඔබ ලග සිටින කෙනෙකු ඔබටත් හොරෙන් ඔබට කැමැත්තෙන් සිටීමය .

02) උදරයේ අපහසුතා

woman on a sofa holding her stomach due to stomach pain and nausea

මෙය කලින් කී කාරණය හා සම්බන්ධ ම දෙයකි. ඔබ යහළුවන් සමග සිටින වේලාවක දී හෝ එසේත් නොමැති නම් කාර්‍යාලයේ කතාබහ කරමින් සිටින විටදී මට මේ හැඟීම ඇති විය හැක .කතුරු ඔංචිල්ලාව ක ගමන් කරන විට ඔබට දැනෙන හැඟීමට සමාන හැඟීමක් වේ.මෙයට හේතුව යම් යම් සංවේදන වටහා ගැනීමට අපගේ ආමාශය ට ඇති ඉහළ හැකියාවයි .ඔබට දැනෙන බියජනක බවක් දුකක් ,කරදරයක් මෙන්ම ආතති තත්ත්වයක් පවා පැහැදිලිව හඳුනා ගැනීමේ හැකියාවක් ඔබගේ උදරයට ඇත . මෙයට හේතුව වන්නේ ඔබ සිතනවාට වඩා ඔබගේ උදරය බුද්ධිමත් බවින් වැඩි වීම ය .ශරීරයේ දෙවන විශාලතම නියුරෝන අඩංගු ශරීර අවයවය වන්නේ ආමාශය යි.එම නිසා ආමාශය නිතරම මොලේ සමග සන්නිවේදන පවත්වයි .ඔබට නොදැනෙන නොහැඟෙන බොහෝ ඔබගේ උදරයට දැනේ.එම නිසා උදරයේ අපහසුතා මෙන්ම උදරයේ  අජීර්ණ පවා ඔබට ඇති වීමට හැක .මේ නිසා අනවශ්‍ය ලෙස ඔබට පිරිසක් ඉදිරියේ උදරයේ අපහසුතාවක් ඇති වේ නම් එය සිදුවනුයේ ඔබ අවට සිටින කෙනෙකු ඔබ පිළිබඳව කැමැත්තෙන් සිටින නිසා විය හැක .

03) නිසි අවබෝධයෙන් තොරව කෙරෙන කතාබහ

izmena ssora proshhenie 1200x630 1

ඔබ යම් පුද්ගලයෙක් සමග කතාබහ කරමින් සිටින විටදී ඔහු හෝ ඇය කතා කරනුයේ අසාමාන්‍ය ආකාරයට ද? උදාහරණයක් ලෙස ඔබ හොඳින් රහස් රැකිය හැකි කෙනෙක් ලෙස සිතන්න. සියල්ලන්ගෙන්ම සඟවා ගත යුතු රහසක් ඔබ ආරක්ෂා කරගෙන සිටින මොහොතක නොසිතා සිදුකරන කතාවක දී එම රහස ඔබගේ මුවින් පිටවෙන යා යැයි සිතන්න .නමුත් ඒ සිදුවූයේ කෙසේද යන්න පිළිබඳ ඔබට අවබෝධයක් නොතිබීමට හැක .සාමාන්‍යයෙන් වචන එක්දහස් පන්සියයක් දෙදාහක් කතා කරන  විටදී කෙනෙකුට මෙසේ අත්වැරදීම් එකක් හෝ දෙකක් සිදුවීමට හැකි බව  පර්යේෂකයින් සඳහන් කර ඇත .නමුත් ඔබ සමග කතා කරන විට කෙනෙකුට  මෙය දිගින් දිගටම සිදුවනවා නම් ඔහු හෝ ඇය කතා බහ කරන දෙයට වඩා වෙනත් දෙයක් සිතමින් සිටින බව ඔබට තේරුම් ගැනීමට හැක . යම් පුද්ගලයෙක් දිගින් දිගටම මේ ආකාරයට කටයුතු කරන්නේ නම් ඔහු හෝ ඇය ඔබ කෙරෙහි කැමැත්තකින් සිටිනවා විය හැක.

04) කිසිවෙක් ඔබ දෙස බලා සිටින බව සිතීම

how to know someone likes you secretly

ඇතැම් වෙලාවට ඔබ යම්කිසි ස්ථානයක සිටින විට ඔබ දෙස බලා සිටිනවා වැනි හැඟීමක් ඔබට දැනී තිබෙන අත්දැකීම් ඇත.නමුත් ඒ දෙස බලන විට කිසිවෙක් අප දෙස බලා නොසිටින බව අප දකී.නමුත් සත්‍ය වන්නේ සැබැවින්ම කෙනකු ඔබ දෙස බලා සිටින බව ය .අප දෙනෙත් වල අග කෙලවරින් එපිට අපට දැකිය නොහැකි බොහෝ දේ මනසට එසේත් නොමැතිනම් මොළයට දැකිය හැක.මෙම නිසා කෙනෙක් අප දෙස බලා සිටිනවා වැනි හැඟීමක් අපට දැනෙන්නට පටන් ගනී.එලෙසම ඇතැම් තරුණ වයසේ පසුවන අයට බොහෝ දෙනෙක් තමා දෙස බලා සිටිනවා වැනි හැඟීමක් දැනේ.එනිසා ඔවුන් ඉදිරියට යාමට ,සමාජය ආශ්‍රය කිරීමට බිය වේ .කලින් අප සඳහන් කළ ආකාරය සහ එම තත්ත්වය පටලවා ගැනීම සිදු කර නොගත යුතුය .ඔබට නිතරම කෙනෙක් ඔබ දෙස බලා සිටින බවක් දැනේ නම්  සහ ඒ අප පසුව සඳහන් කළ තත්ත්වය නොවේ නම් ඔබ මේ සිදුවීම් පිළිබඳව වඩාත් අවධානයෙන් කටයුතු කළ යුතුය .

05) පොදු මිතුරු සබඳතා තිබීම

AdobeStock 100702681
Group Of Female Friends Enjoying Meal In Restaurant

යම් පුද්ගලයකු පිළිබඳ දැන ගැනීමට ඇති පහසුම ක්‍රමය එම පුද්ගලයා ආශ්‍රය කරන පුද්ගලයන් සමීප ඇසුරක් පවත්වා ගැනීම වේ.කෙනෙකුට ඔබ පිලිබඳව විස්තර දැන ගැනීමට අවශ්‍ය වේ නම් ඔහු හෝ ඇය පළමුවෙන් ම කළ යුතු වන්නේ ඔබ  ආශ්‍රය කරන යහළුවන් සමඟ මිතුරුකමක් ඇති කර ගැනීමය.ආකාරයට ඔබගේ යහළුවන් සමඟ සමීප මිතුරෙකු වන ඔහුට හෝ ඇයට සමග වැඩි කාලයක් ගතකිරීමට පුළුවන් වේ.එසේ නොමැති නම් ඔබ සහභාගී වන සෑම ස්ථානයකම ඔබ සමග විනෝද වීමට හැකිවේ එසේම ඔහු හෝ ඇය ඔබගේ යහළුවන් සමඟ හොඳ හිත දිනා ගනී. මෙම කාරණා ඔබගේ  හිත දිනා ගැනීමට සහ ඔබ සමඟ සම්බන්ධතාවයක් ආරම්භ කිරීමට බෙහෙවින් උපකාරී වේ. ඉතින් පුද්ගලයෙක් ඔබගේ යහළුවන් සමග හිත මිතුරුකම් ඇති  කරගනිමින් ඔබට සමීප වීමට උත්සාහ කරන්නේ නම් ඒ පිළිබඳව සැලකිලිමත් වීමට වග බලා ගත යුතුය.

06) දේහ ලක්ෂණ 

how to start a conversation

ඔබ  යම් පුද්ගලයෙකු පිළිබඳව  කැමැත්තෙන් පසු වනවා යැයි සිතන්න .එවිට කෙනෙක් සමඟ කතා කරනවිටදී  ඔබට නොදැනීම  ඔබගේ දෙපා ඔහු වෙත යොමු වී තිබෙන්නට පුළුවන්ය .එසේම ඔබගේ හිස සහ දේහය එම පුද්ගලයා වෙත යොමු වී තිබීම නොදැනුවත්වම සිදු විය හැක ඔබ සමග කතාබහ කරන පුද්ගලයාගේ ද මෙම ලක්ෂණ දකින්නට තිබෙනවා ද යන්න ඔබට හොඳින් පරීක්ෂාකර බැලිය හැක .යම් පුද්ගලයකුගේ වචන වලට වඩා දේහ ලක්ෂණ වලට අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවක් පවතී .මේ නිසා කෙනෙකුගේ දෙපා සහ හරි හිර ඉතාමත් හොඳින් නිරීක්ෂණය කිරීම වැදගත්ය .එවිට මුවින් නොකියන බොහෝ දේ ඒ හරහා ඔබට තේරුම් ගැනීමට හැකිය.

07) දිගින් දිගටම සිනාසීම

10 Ways To Make a Guy Laugh Without Dumbing Down

කෙනෙක් ඔබ සමග කතාබහ කරමින් සිටින විටදී , ඔබ දෙදෙනා අතර ඇති කතාවෙන් සිනහා වීමට යම් දෙයක් නොමැති වුවද ඔහු හෝ ඇය දිගින් දිගටම සිනාසෙනවා නම් එහි යටි අරුතක් ඇති බව ඔබ වටහාගත යුතුවේ .ඔබ කතා කරන පුද්ගලයා සිනාසෙන්නේ ඔබ පවසන දෙයට නොවේ .ඔබ සමග ගත කිරීමට ලැබෙන කාලය නිසා වීමට හැකිය.මේ නිසා කෙනෙක් සමග කතා බහ කරන විට දී ඔහු හෝ ඇය සුළු දේටත් සිනා සෙන්නේ නම් ඒ තුළ විශේෂත්වයක් ඇති බව ඔබ වටහාගත යුතුය.

සබෑදි ලිපි

The Time සගරාව විසින් ප්‍රකාශයට පත්කළ 2022 වසරේ හොඳම ඡායාරූප අතර අරගලකරුවන් සම්බන්ධ ලංකාවේ චායාරුපයකුත්
Actress Rashmika Mandanna, Will Be Banned from Acting? Here’s Why The Audience Was Upset | 2022
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top