උණවටුන අනතුරින් මියගිය රුසියානු කත ගැන වැඩි තොරතුරු

උණවටුන අනතුරින් මියගිය රුසියානු කත ගැන වැඩි තොරතුරු

අද දින උදෑසන ගාල්ල උණවටුන මැටරඹ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් දුම්රියක හැපී අවාසනාවන්ත අනතුරක් සිදුවිය.
බෙලිඅත්තේ සිට අනුරාධපුරය බලා ගමන් කරමින් තිබූ රජරට රැජින දුම්රියට මෙම ත්‍රීරෝද රථය හසුවූයේ 60 හැවිරිදි වයෝවෘද්ධ රියදුරු අපරීක්ෂාකාරී ලෙස රථය ධාවනය කළ බැවිනි. අනෙක් අතට මෙම අනතුරට තවත් එක් හේතුවක් වූයේ  දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇගවීමේ සංඥා පද්ධතිය අක්‍රිය වී තිබීමය.
එය කලෙක පටන් පැවති දෝෂයක්වී තිබී ඇති අතර දෝෂය  ගැන දැන්වීමක් ප්‍රදර්ශනය කරමින් තිබුණත් බොහෝ අයට එය පැහැදිලි නැති බවත් අනතුරු දායක ලෙස මාර්ගය හරහා කොතෙකුත් අවස්ථාවල රථ ධාවනය කරන බවත් ප්‍රදේශවාසීන් දන්වා තිබේ. ආරක්ෂක වැටක් සවි කිරීමට බලධාරීන් මේ දක්වා උනන්දුවක් දක්වා තිබීද නැත.

1591gossiplanka

ගින්තොට පරණවිතානගේ සරත් නානායක්කාර (60) නැමැති හපුගල රත්නගිරි වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ රියදුරු සහ සිය දියණිය සමග මෙරට පදිංචිව සිටින ඩයරියා නැමැති රුසියානු ජාතික කාන්තාවක මෙම අනතුරින් එතැනම මියගියහ.

ඔවුන් ගමන් කළ රථය දුම්රියේ වදින්නේ රේල් පාර හරි මැද්දේ නැවතී සිටින අවස්ථාවේය. වේගයෙන් ආ දුම්රියේ හැපුණ රථය විසිවී ගොස් ගිනිගත් අතර රථයේ සිටි දෙන්නාම එතැනදී මියගියහ.

අසල්වාසීන් පැමිණ ගිනිගන්නා රථයෙන් තුවාල කරුවන් දෙන්නා බේරාගන්නට එලියට ඇදදමන්නට උත්සාහ ගෙන තිබූ නමුත් දෙන්නාම එම අවස්ථාවේ මියගොස් තිබුනි.

මෙම රුසියානු ජාතික කාන්තාව අද උදෑසන සිය දියණිය ඩේ කෙයා සෙන්ටර් එකකට ඇරලවා නැවත පදිංචිව සිටි නිවහන වෙත එමින් සිටියදී මෙම අනතුරට ලක්වී ඇත. හැට හැවිරිදි රියදුරු සාමාන්‍යයෙන් අපරීක්ෂාකාරී ලෙස ත්‍රීරෝද රිය පදවන්නේ නැති නමුත් සිද්ධිය අවස්ථාවේ කිසියම් කලබලයක් තිබෙන්නට ඇති බවට හෝ ඔහුට පෙනීමේ දුබලතා තිබුනේද යන්න සැක බවට ත්‍රීරෝද රථ සගයින් පවසා තිබේ.

ත්‍රිරෝද රථයේ රියදුරු විසින් අනාරක්ෂිත අයුරින් දුම්රිය හරස් මාර්ගය හරහා ත්‍රීරෝද රථ ධාවනය කිරීම නිසා මෙම අනතුර වී ඇති බැව් පොලිස් පරීක්ෂණවලදී සීසීටීවී මගින්ද අනාවරණය වී ඇති අතර වැඩිදුර පරීක්ෂණ සිදුවේ.

image 1c53f01145
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top