අක්කයි නංගි එකම මනාලයෙක් සමඟ  විවාහ වෙයි…

Sisters in India marry the same groom 696x392 1

නිවුන් සොහොදරියන් දෙදෙනෙක් විවාහය සඳහා එකම මනාලයෙක් සමඟ විවාහ වීමේ පුවතක් ඉන්දීයාවෙන් වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි නුවර වෙසෙන රිංකි සහ පිංකි නමැති නිවුන් සොහොයුරියන් දෙදෙනෙක් මෙම විවාහය සිදු කරගෙන ඇති බවයි.

ඔවුන් දෙදෙනාගේ අතින ගත්තේ 36 හැවිරිදි අතුල් උත්තම් යුතාදේ නම් මුම්බායි නුවර සංචාරක ඒජන්සියක් පවත්වාගෙන යන තරුණයෙකි.

පසුගිය සිකුරාදා මෙම මංගල උත්සවය සෝලාපුර්හි පැවැත්වුණු අතර ඊට ඉන්දීය මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රසිද්ධියක් ලැබී තිබුණා.

කෙසේ වෙතත් මෙලෙස නිවුන් සහෝදරියන් විවාහ කරගත් අතුල් උත්තම යුතාදේ බහු විවාහ චෝදනාව යටතේ එරට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එරට පොලීසිය සඳහන් කරන්නේ චෝදනාව සම්බන්ධයෙන් ඔහු වැරදිකරු වුවහොත් වසර 7ක සිරදඬුවමක් හිමිවනු ඇති බවයි.

විවාහ වී එකිනෙකාගෙන් වෙන්ව සිටීමට අකමැති වීම හේතුවෙන් ඔවුන් එකම සැමියෙක් සොයා ගත් බවයි පොලීසිය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ප්‍රකාශ කර ඇත්තේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top