ඉදිරි පැය 24 මේ ප්‍රදේශ වල අය දැඩි අවධානයෙන්

ඉදිරි පැය 24 මේ ප්‍රදේශ වල අය දැඩි අවධානයෙන්
alert warning sign vector 1976367 1

ඉදිරි පැය 24 කාලය තුළ මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි..

සුළු ගංවතුර තත්වයක් පවතින කළු ගගේ ජල මට්ටම තවත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි…

මිල්ලකන්ද ප්‍රදේශයෙන් කළු ගඟේ ජලමට්ටම ඊයේ(16) පස්වරු 4යි 15 වන විටත් අඩි 8යි අඟල් 23ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ජල කළමණාකරන අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී.සුගීෂ්වර මහතා සඳහන් කළේ.

අත්තනගලු ඔයේ ද ජලය පිටාර ගැලීමෙන් මේ වන විට සුළු ගංවතුර තත්වයක් පවතින බවත් ගිං ගඟේ ජල මට්ටමද බද්දේගම ප්‍රදේශයේන් ඉහළ යාමක් දක්නට ලෑබේ…

කැළණිය ගඟ ආශ්‍රිත පහත් බිම් වල ජලය මේ වනවිට බැසයමින් පැවති.

දොම්පේ , කැළණිය ,සීතාවක , සහ බියගම ප්‍රදේශ වල ජල ගැලීම් තත්ත්වයන් තවදුරටත් සුළු වශයෙන්පවතිනවා…

දිස්ත්‍රික්ක 6 කට පනවා තිබූ නායයාමේ අනතුරු ඇඟවීමේ අද පස්වරු 4 දක්වා යළි දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙ… ගාල්ල , කොළඹ , කළුතර, කෑගල්ල , නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක එවායි….

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top