ඔබ ඇස නොගැසුණු සුන්දර සංචාරක ඉසව්වක් වන ලාහුගල park wordern ගෑන තොරතුරු…

ඇස නොගැසුණු සුන්දර සංචාරක ඉසව්වක් ගැන තොරතුරු

ශ්‍රී ලංකාවේ සංචාරය ප්‍රියකරන්නන් අතර මෙරට ගිනිකොණ දිසාවේ සුන්දර මුහුදුතීරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය තවමත් ඒ තරම්ම ජනප්‍රිය වී නැත. මේ ප්‍රදේශයේ පිහිටි ආරුගම්බේ වැනි ඉසව් සැතපුම් දහස් ගණන් ඈත රටවල සංචාරකයන් අතර පවා මහත් සේ ජනප්‍රියයි. විශේෂයෙන් රළ මත ෆයිබර් පුවරුවක් ආධාරයෙන් ලිස්සා යන සර්ෆින් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයන්ට නම් ආරුගම්බේ කියන්නේ පාරාදීසයක්. බොහෝ දෙනා සීතා සිටින්නේ මෙම පළාතේ කරන්න තියෙන්නේ ඔය සර්ෆින් ක්‍රීඩාවේ යෙදෙන එක විතරයි කියාය… එහෙත් අපේ රටේ නොඉඳුල් සුන්දරත්වය විඳින්න ලාහුගල , පානම, ‍පොතුවිල් හා ආරුගම්බේ වගේ පැත්තක් ලංකාවේ තවත් නැතිතරම් බව බොහෝ දෙනා නොදන්නා කාරණයක්.

කොළඹ දිසාවේ සිට යනවානම් වැල්ලවායට ඇවිත් බුත්තල, මොණරාගල, සියඹලාණ්ඩුව හා ලාහුගල හරහා ‍පොතුවිල් පැත්තට එන්න පුළුවන් , ඒ වගේම අම්පාරට ඇවිත් අක්කරපත්තු හරහා වගේම පොලොන්නරුව මඩකලපුව හරහාත් මේ පැත්තට ළඟාවීමේ හැකියාව තිබෙනවා. මේ කොයි දිසාවෙන් පෑමිනියද , එන මාර්ගය පවා සංචාරයෙකුට අලුත් අත්දැකීම් ලබා දෙන බව නම් නිසැකයි.

අපට මේ සංචාරය ‍පොතුවිල් කලපුව , ඌරනිය ගග දිගේ කරන්නාවූ සෆාරි සංචාරවලින් ආරම්භ කළ හැකියි. දෙස්, විදෙස් පක්ෂීන් , උරගයන් මෙන්ම තණපිටිවල නිදහසේ තණ බුදින ඇත් පන්තිවල අසිරියද මේ සෆාරි සංචාරවලදී සංචාරකයන්ට විඳගන්නට ලෑබේ. ඒ වගේම පානම, පොතුවිල් රොට්ටකුලම සහ සෙමිනිකුලම යන වැව් ආශ්‍රීත සංචාරයන්වලදී ලබන අත්දැකීමත් කිසිදා අමතක වෙන්නෙ නැහැ. පලාතේ තියෙන විශාලම හා ලස්සනම වැවක් තමයි රොට්ටකුලම් කියන්නේ. හිමිදිරියේ වගේම හැන්දෑ යාමයෙත් මේ පැතිවල කුරුල්ලන් දහස් ගණනින් ගැවසෙන ආකාරය පරිසරය ප්‍රියකරන කෙනෙක් දැකගන්නම ඕනෙ දර්ශනයක්.

‍පොතුවිල් නගරයේ ඉඳන් පැයක පමණ දුරින් පිහිටි කුමන වනෝද්‍යානයද මේ සංචාරයේදී නොවරදවා යා යුතු ස්ථානයකි. පානමෙන් හැරිලා කිලෝ මීටර් 16 ක් විතර ආවිට කුමන වනෝද්‍යානයට පිවිසෙන්න කලින් ඔබට වම් පැත්තෙන් හමුවෙන්නේ අනුහස් ඇති ඔකඳ දේවාලයට යන කුඩා මාර්ගයයි.

කතරගම දෙවියන් , වෙනුවෙන් කැපවුණු දේවාලයක් මෙහි මුහුදු තීරයේ පිහිටා ඇති අතර ඒ අසල පර්වතයක වල්ලි අම්මා වෙනුවෙන් ඉදිකළ දේවාලයක්ද දැකගත හැකිය. ඔකඳ දේවාලය අසලින් වනෝද්‍යානයට පිවිසෙන ඔබට වාහනවලින් පිරී ගිය යාල වනෝද්‍යානයට වඩා වෑඩි සතුන් රැසක් දැකබලා ගැනීමේ අවස්ථාව ලැබේවි.

ඒ වගේම මේ වනඅසිරිය විඳීම සඳහා සියඹලාණ්ඩුවේ ඉඳන් ‍පොතුවිල් දක්වා එන ගමනේදී හමුවන ලාහුගල වනෝද්‍යානයත් කදිම තොතෑන්නකි…. බෙරැ තෘණ කන අලි වගේම උද්‍යානයේ සිටින අනෙකුත් වනසතුන් ඉතා පහසුවෙන් බලාගන්න පුළුවන් ලංකාවේ ඇති කුඩා දැකුම්කලු වනෝද්‍යානයක් තමයි ලාහුගල කියන්නේ.

‍පොතුවිල් නගරයට නුදුරින් ඉතා පළල් වූ වෙරළ තීරයක පිහිටා ඇති මුහුදු මහා විහාරයද ශ්‍රී ලංකාවේ ගිනිකොන දිසාවේ කරන සංචාරයේදී දැක ගැනීමට ලැබෙන විශේෂම ස්තානයකි. මීට වසර 2000 කට පමණ පෙර මෙය ඉදිකළ බව පැවැසෙන්නේ කාවන්තිස්ස රජු විසිනි. කිරිවෙහෙර , කොටවෙහෙර , නීලගිරිය ,මගුල්මහාවිහාරය වගේ මේ බිමේ නටබුන් රැසක්ද දැක ගත හැකියි. විහාරමහා දේවිය කිරින්දට කලින් ගොඩ බැස්සේ මේ මුහුදු මහා විහාරය පිහිටි ඉසව්වට බවයි ඉතිහාසය දන්න පුද්ගලයින් සඳහන් කරන්නේ.

‍පොතුවිල් පානම අතර මාර්ගයේදී හමුවන ශාස්ත්‍රවෙලද මේ සංචාරයේදී යා යුතුම තැනක්. මෙහි ඈති මනිනාග පබ්බත විහාරය මහානාග රජු විසින් කරවන ලද්දක් බව සැලකෙ.. අතීතයේ විවිධ ශාස්ත්‍ර හැදෑරීම සඳහා ඉන්දියාව , නේපාලය වැනි ඈත ප්‍රදේශවලින් පවා පුද්ගලයන් මෙහි පැමිණ ඇති බව සඳහන්. මේ ශාස්ත්‍රවෙල අවට ලෙන් රැසක් පිහිටා ඇති අතර විහාරය ඉදිරිපස පර්වතය මුදුනට නැග්ගාම බොහෝ ඈතට යනතුරු පානම අවට සුන්දරත්වය උපරිමයෙන් විඳගත හැකියි.

පානම ඉඳන් කිලෝමීටර් 11ක් විතර ඈතින් පිහිටි කුඩුම්බිගල වනඅරන සෙනසුනද පරිසර අසිරිය විඳින අතරේම සිතට මානසික අස්වැසිල්ලක්ද ලබා දෙන අපූරු තැනකි. ක්‍රිස්තු පූර්ව 246 දී පමණ ඉදිකොට ඈති මෙය ජනාකීර්ණ පැතිවල සිටි භික්ෂුන් වහන්සේලාට වනගතවී භාවනා කිරීමට බවයි සඳහන් වන්නේ. ඒ අවට ඇති ලෙන් සංඛ්‍යාව ද 200කට අධිකය. ලංකාවේ ඉතිරිව ඇති එකම සිලින්ඩරාකාර දාගැබ ඇති බව ලිඛිතව සඳහන් වන්නේත් මේ කුඩුම්බිගල සෙනසුන් භූමියේයි.

මෙයට අමතරව ලාහුගල වනෝද්‍යානය, මගුල් මහා විහාරය මඳක් ඈතින් පිහිටා ඇති ගල්ඔය වනෝද්‍යානය වගේ අසිරිය විඳිය හැකිතැන් බොහෝමයි. ඇත්තෙන්ම මේ සියලු තැන් දවසකින් දෙකකින් නරඹන්න බැහැ. හොඳම දේ තමයි , ‍පොතුවිල් නගරය කේන්ද්‍ර කරගෙන නතර වී මේ ස්තානවල සංචාරය කරන එක. ඒ සදහා අරැගම්බේ සංචාරක කලාපයේ ඇති සංචාරක ලැගුම් හල් හො ලාහුගල හා කුමන වනෝද්‍යානවල ඇති සංචාරක නිවාස වෙන්කරගෙන නතරවීම වඩා සුදුසුවේ.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලදාරි Buddhika Vidanage Vidanage මහතාගේ ගිනුමෙන් ගන්නා ලදී…

image
wild
wild 1
wild 3
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top