ඇමරිකානු ඩොලර් මිලියන 65ක ආධාර US AID වෙතින්…

gkyk
2022 සැප්තැම්බර් 16 කොළඹ USAID පරිපාලක සමන්තා පවර්ස්ගේ මෑත සංචාරය මත , එක්සත් ජනපදය USAID හරහා අතිරේක ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 65 ක් ලබා දෙන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් අද නිවේදනය කළේය. 

වසර පහක කාලයක් තුළ ශ්‍රී ලංකාවට ආධාර වශයෙන් ලංකා රුපියල් බිලියන 23කට වැඩි ආධාර ලබා දෙන බව අද නිවේදනය කළේය...

මෙම ආධරය පසුගිය සතියේ ප්‍රකාශයට පත්කළ අමෙරිකානු ඩොලර් මිලියන 60කට අධික නව මානුෂීය සහ පොහොර ආධාරවලට අමතරව සපයා දෙන බවද මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.

මෙම නව ද්විපාර්ශ්වික ගිවිසුමේ ආරම්භය සමරමින් තානාපතිනි ජුලී චුන්ග් ප්‍රකාශ කළේ, “ශ්‍රී ලංකාවේ ජනතාව සහ රජය සමඟ අපගේ කල්පවත්නා සහ ශක්තිමත් හවුල්කාරිත්වය පිළිබඳව එක්සත් ජනපදය සහ ඇමරිකානු ජනතාව ආඩම්බර වෙති. ස්ථාවර, සමෘද්ධිමත් සහ සාමකාමී ශ්‍රී ලංකාවක් ඉදිරියට ගෙන යාම සඳහා දේශීයව මෙහෙයවන මුලපිරීම්වලට සහය දැක්වීමට අපි සම්පූර්ණයෙන්ම කැපවී සිටිමු. යන්නයි..

එක්සත් ජනපදය 1956 සිට ශ්‍රී ලංකාවට සංවර්ධන ආධාර වශයෙන් ඩොලර් බිලියන 2කට වඩා (ශ්‍රී ලංකා රුපියල් බිලියන 720ක් පමණ) ලබා දී ඇත...
PR Sep162022 Sinhala
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top