ශ්රී ලංකාව නියෝජනය කරමින් ‘මිස් ග්රෑන්ඩ් ඉන්ටර්නැෂනල්‘ තරගයට ඉන්දුනීසියාවට පිටත්ව යෑමේදී මෙරට නිරූපිකාවක් වන නිහාරි පෙරේරා හට කටුනායක ගුවන් තොටුපළේදී , තරගයට සූදානම් කරතිබූ වටිනාම ඈදුම හෙවත් නැෂනල් කොස්ටියුම් එක රෑගෙන යාමට අවස්තාවක් ගුවන් තොටේ බලධාරීන් ලබාදී නෑහෑ.
මෙම ඇඳුම තරගාවලියේදී , ඇය සංස්කෘතික අංගය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනි…
” මේක තමයි තරගාවලියේ වැදගත්ම එක. මේ මගේ නැෂනල් කොස්ටියුම් එක. මේක ගෙනියන්න බැරි වුණේ ගුවන්තොටුපළෙන් තියලා යන්න කිව්ව නිසා. මගේ බෑග් එකේ සම්පූර්න බර තිබුණේ කිලෝ හතළිහයි. නමුත් ඔවුන් ගෙනියන්න දුන්නේ නැහැ මට වැදගත්ම එක. මට ගෙනියන්න තිබ්බ වෙනත් අමතර බෑග්වලටත් රුපියල් අසූදාහක් මට අමතරව ගෙවන්න වුණා. අන්තිමට මම මේ තරගයට ඉන්දුනීසියාවට ආවේ , මගේ වැදගත්ම ඇඳුම් නිර්මාණය ලංකාවේ දාලා. රට නියෝජනය කරන්න යන අවස්ථාවකටවත් රජයෙන් , නිලදාරීන්ගෙන් සහයෝගයක් දෙන්නේ නැත්නම් ඒ ගැන කනගාටුවක් තියෙනවා සහ මේක මට විතරක් නෙමේ තව අයට මෙහෙම වෙලා තියෙනවා. රජයෙන් කිසිම සහයක් නැහැ මෙවැනි තරගවලට අපිවගේ යන අයට’’
මෙවර “මිස් ග්රෑන්ඩ් ඉන්ටර්නැෂනල්” තරගාවලිය පැවැත්වෙන්නේ දස වන වරට , අතර ඒ සඳහා රටවල් 68 ක් නියෝජනය කරමින් තරගකාරියන් සහභාගි වේ සහ ඔක්තොම්බර් 25 වැනිදා තරගාවලිය ආරම්භ වීමට නියමිතයි…
some photo take by Original Artist Instagram Account…
Share