අවු. 5 ට අඩු දරුවන්ගෙන් 42.9% ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවට අනාවරණයක්

අවු. 5 ට අඩු දරුවන්ගෙන් 42.9% ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවට අනාවරණයක්

2022 වසරේ ඔක්තෝබර් මාසය වනවිට මෙරට තුළ වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගෙන් 42.9% ක් මන්දපෝෂණ ලක්ෂණවලින් පෙළෙන බව අනාවරණය වී තිබේ.

ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යංශය සිදු කළ අධ්‍යයනයකට අනුවයි.

වයස අවුරුදු 5 ට අඩු වැඩි ළමා මන්දපෝෂණ ප්‍රතිශතයක් අම්පාර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම අගය 59.4% කි.

එම දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 5 ට අඩු දරුවන් 5 දෙනෙකුගෙන් 3 දෙනෙක් මන්දපෝෂණ ලක්ෂණයන්ගෙන් යුක්ත වන බව ද අනාවරණය වී තිබේ.

මේ අතර පෙර වසර හා සැසඳීමේදී මෙරට වයස අවුරුදු 5 ට අඩු බර සහිත දරුවන් සංඛයාව 12.2 % සිට 15.3% දක්වා වර්ධනය වී ඇති බව සඳහන් ය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top