අයවැය කාල සීමාවට මැතිසබේ වියදම මිලියන 2000යි

තීරණාත්මක අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08)

අයවැය විවාදය පැවැති කාලයේ දී පාර්ලිමේන්තු රැස්වීම වෙනුවෙන් කෝටි 20කට ආසන්න මුදලක් වැයවී ඇති බව වාර්තා වනවා.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ අමුත්තන්, මන්ත්‍රීවරුන්, නිලධාරීන් සහ සේවකයන්ට ආහාර පාන සැපයීම, ඉන්ධන, විදුලිය, ජලය, පඩි සහ දීමනා වෙනුවෙන් මෙම මුදල වැයවී ඇති බවයි.

අයවැය විවාදය දින 20ක කාලයක් පැවැත්වුණු අතර අයවැය විසර්ජන පනත් කෙටුම්පත නොවැම්බර් මස 14 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබුවා.

ඉන් අනතුරුව දෙවන වර කියවීමේ ඡන්ද වීමසීම නොවැම්බර් මස 15 වනදා ආරම්භ වී නොවැම්බර් 22 වනදා දක්වා දින 7ක කාලයක් පැවැත්වුණා.

නොවැම්බර් 23 වනදා සිට දෙසැම්බර් 08 වනදා දක්වා දින 13ක කාලයක් පැවැත්වුණේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයයි.

මේ අතර මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදීම සඳහා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පසුගිය 13 වනදා පැවැත්වුණු අතර එම රැස්වීමට ප්‍රශ්ණ ඇසීමට නියමිතව සිටි මන්ත්‍රීවරුන් සහ පිළිතුරු ලබාදීමට නියමිතව සිටි ඇමතිවරුන් බොහෝ දෙනෙක් එදින සභාවට නොපැමිණීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන්නේ එම රැස්වීම සඳහන් රුපියල් කෝටියක මුදලක් වැයවී ඇති බවයි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top