අපි අවුරුදු 13ක් යාළුවෙලා ඉඳලා කසාඳ බැඳලත් අවුරුදු 6ක් එකට හිටියා, නමුත් අපි හැමෝම මිනිස්සු-රයිනි චාරුකා (PHOTOS)

FWecuMcWIAQhVCZ

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනියක් තමයි රයිනි චාරුකා ගුණතිලක කියලා කියන්නේ. ඉතින් කවුරුත් ආදරය කරන ආදරණීය ප්‍රවීණ ගායන ශිල්පීන් යුවලක් වන රූකාන්ත චන්ද්‍රලේකා යුවලගේ ආදරණීය වැඩිමහල් දියණිය තමයි රයිනි කියලා කියන්නේ.

ඒ වගේම ඇය මේ දිනවල සිරස ද වොයිස් ටීන් වැඩසටහනේ කෝර්ච් කෙනෙක් විධියටත් ප්‍රේක්ෂකයින් හමුවට එනවා. කොහොම නමුත් ඇය ජීවිතය හා ආදරය සම්බන්ධව යම් ආකාරයක සිත් තැවුලකින් පසුවන බව පැවැසෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වුණා. ඉතින් ඒ ගැන ඇත්ත නැත්ත දැනගන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා.

ඉතින් ඇය ආදර සම්බන්ධතාව ගොඩනඟා ගත්තේ අවුරුදු 18ක් වැනි කුඩා වයසින් කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඔහු ඇයට වඩා අවුරුදු 07ක් වැඩිමහල්. ඉතින් ඔවුන් යාළුවෙලා අවුරුදු 13කුත්, විවාහ ජීවිතය තුළ අවුරුදු 06කුත් එකට ගත කළා කියලත් රයිනි කියනවා. ඒ වගේම ඔහු ඇත්තටම හරිම හොඳ හදවතක් ඇති ගෞරවනීය චරිතයක් කියලයි රයිනි කියන්නේ. නමුත් අපි හැමෝම මිනිස්සු කියලත් ඇය කියනවා.

ජීවිතයේ අපි සිතන පතන විධිය වයසත් සමඟ වෙනස් වෙනවා වගේම දරුවන් සහ වෙනත් හේතු මත ජීවිතයේ ඇතැම් සිදුවීම්, පීඩන ඉවසමින් පවුලක් විධියට එකට සිටිය හැකි අවස්ථා තිබෙනවා කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් දෙදෙනෙක් අතර නොගැළපීම්, මත භේද ඇති නම් ලස්සන කපල් එකක් විධියට පිටතට පෙනෙන්න පමණක් ඉඳලා වැඩක් නැහැ කියලත් ඇය කියනවා.

ඉතින් ජීවිත ලස්සනට ඉදිරියට ගලාගෙන යෑමට පර්සනල් ලයිෆ් එක තුළ ගැළපීමත් තිබිය යුතුයි. ඒ වගේම ඇය ආදරය උපරිමයෙන්ම බලාපොරොත්තු වන කෙනෙක් කියලයි රයිනි කියන්නේ. නමුත් ජීවිතයට ආදරය පමණක්ම ප්‍රමාණවත් නැහැ. අප තුළ තිබෙන ආදරය අනෙකාට පෙන්වීමටත් දැනගත යුතුයි කියලත් ඇය කියනවා.

ඉතින් ඇය මුහුණදුන් ප්‍රශ්න හමුවේ පසුගිය කාලයේ ඇය අධිකව මානසික ආතතියට පත්වුණා කියලයි ඇය කියන්නේ. ඒ නිසා පෞද්ගලික හේතු කාරණා 02ක් මත ඇය ජීවිතයේ එක්තරා වැදගත් තීරණයක් ගත්තාලු. කොහොම නමුත් ඇයට නම් ආදරය නැතිව ජීවත් වෙන්න බැහැ කියලත් ඇය කියනවා. ඒ නිසා අනාගතයේ දිනෙක ඇය නැවතත් ආදරය කරාවි වුනත් නැවත විවාහයකට යයිද කියන එක නම් නිශ්චිතවම කියන්න බැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් ආදරණීය බැඳීමක් පවත්වාගෙන යෑමට විවාහ විය යුතුම නැහැ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

maxresdefault 1
o 7378cc3755b7d0bd 001
raini
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top